ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බාමර් දිස්ත්‍රික්කයේ ආගමික කටයුත්තකට සහභාගීවෙමින් සිටි පිරිසක් මතට කූඩාරමක් කඩා වැටී 14දෙනෙකු මියගොස් 50දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අධික වර්ෂාව හා සුළං හේතුවෙන් කූඩාරම ඇද වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ කූඩාරමෙහි 300ක පමණ පිරිසක් සිටි බව වාර්තා වී ඇත.
විදුලි සැරවැදීම හේතුවෙන්ද කිහිපදෙනකු මියගොස් ඇතැයි වෛද්‍යවරු පවසති.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd