IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ දැවැන්ත රැඳවුම් මධ්‍යස්ථානයක්

නීතිවිරෝධී සංක්‍රමණිකයින් සඳහා දැවැන්ත රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉන්දියාව පියවර ගෙන ඇතැයි සඳහන් වේ.

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ඉදිවන මෙම මධ්‍යස්ථානයේ රැඳවියන් 3000කට පමණ ඉඩ පහසුකම් සහිතව සකස් කරන බවත් එය පාසලක්, රෝහලක්, විනෝද ස්ථානයක් ඇතුළු බොහෝ පහසුකම් වලින් සමන්විත වන බවත් බලධාරීහු පවසති.

මධ්‍යස්ථානයේ ආරක්ෂාව තර කිරීම සඳහා දැවැන්ත තාප්පයක් ඉදිකිරීමට නියමිතව ඇති අතර ආරක්ෂක අංශ සඳහා නිවාස ද ඉදිවනු ඇත.

පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ පුරවැසි නාම ලේඛනයේ නම් සඳහන් නොවන බොහෝ දෙනෙකු මෙම මධ්‍යස්ථානයේ රඳවා තබාගැනීමට නියමිත බව අසාම් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි.

ආසන්න බංගලාදේශයේ සිට පැමිණි සිය දහස් ගණන් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ආසම් ප්‍රාන්තයේ සිටින බව බලධාරීහු පවසති. මොවුන් බහුතරය මුස්ලිම් ජාතිකයෝ වෙති.

ගෝල්පාරා නගරය ආසන්නයේ ඉදිවන්නේ අසාම් ප්‍රාන්තයේ ප්‍රථම රැඳවුම් මධ්‍යස්ථානය බව මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)                                  



අදහස් (2)

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ දැවැන්ත රැඳවුම් මධ්‍යස්ථානයක්

CHANDIMA Monday, 09 September 2019 12:26 PM

ආධාර එහෙම ගන්නවා නම් කියන්න. බැංකු ගිණුමක් පත්තරේ දැම්මොත් ඉන්දියාවේ වුනත් අපිත් හැකි පමණින් සම්මාදන් වෙනවා අරමුණ හොඳ නිසා. මේ මරුවෝ රැල අල්ලලා කුඩු කළාම, අඩු තරමේ අල්ලපු රටේ හරි අපේ ළමයින්ට පයගහලා ඉන්න තැනක් ඉතුරුවෙයිනේ...

:       12       57

ලුම්බිණි Tuesday, 10 September 2019 02:16 AM

බංගලාදේශයේ සිට පැමිණි සිය දහස් ගණන් නීතිවිරෝධී සංක්‍රමණිකයින් අතර බෞද්ධයන් විශාල පිරිසක් සිටිනබව බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්.

:       0       90

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site