අවුරුදු 17ක පිරිමි ළමයකු හා විවාහ වූ විසි හැවිරිදි කාන්තාවක ඉන්දියාවේ මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ හේතුවෙන් එම කාන්තාව සහ ඔවුන්ගේ මාස පහක් වයසැති දියණිය පසුගිය සති දෙකක කාලය තුළ බන්ධනාගාරගතව සිටි බව සඳහන් වේ.
පිරිමි ළමයාගේ දෙමව්පියන් පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන ඇත. ළමා ලිංගික අපචාර පනත යටතේ බරපතල චෝදනා ඇයට එරෙහිව ගොනුකර ඇති බව පොලිසිය පවසයි.
ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට නීතියෙන් අවසර ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි නම් පමණි. ස්ත්‍රීන්ට අවුරුදු 18 සම්පූර්ණ වූ විට විවාහ වීමට අවසර ඇති අතර එය පුරුෂයින් සඳහා අවුරුදු 21 සම්පූර්ණ විය යුතුය.
මේ හේතුවෙන් ළමා විවාහ නීතිය යටතේ ද ඇයට එරෙහිව චෝදනා නගා ඇති බව පොලිසිය පවසයි.
බීබීසී වාර්තාකාරිණී ගීටා පාණ්ඩේ පවසන්නේ මෙලෙස කාන්තාවක වයසින් අඩු පිරිමියක හා විවාහ වීම දුර්ලභ සිද්ධියක් බවයි.
(බිබිසි ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ අවුරුදු 17ක පිරිමි ළමයකු සමඟ විවාහ වූ කාන්තාවක් අත්අඩංගුවට