බටහිර ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ සිලිගුරි නගරයට කඩා වැදුන වන අලියෙක් වාහන, නිවාස ඇතුළු දේපල වනසමින් නගර වැසියන් බිය ගන්වමින් විශාල කලබලයක් සිදු කල බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. ඉන්දියාවේ වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ කැලෑවේ සිට ගමකට පැමිණ මේ අලියා අතරමං වන්නට ඇති බවයි. පැයකට පමණ පසු අලියා නිර්වින්දනය කර අල්ලාගෙන ඇත.

අලියා නිවාස හා වාහනවලට දැඩි හානි කර ඇතත් කිසිදු මිනිසකුට තුවාලයක්වත් සිදුකර නැතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි. බේකුන්ටාපූර් වනයේ සිට අලියා පැමිණ ඇති බවත් එම ගමනේ දී ගංඟාවක් ද තරණය කර ඇති බවත් වනජීවී නිලධාරීන් පවසයි.

310D9DCD00000578-3440362-Big_animal_The_female_elephant_also_smashed_homes_and_knocked_ov-a-69_1455107259612 310DA88000000578-3440362-Going_back_Once_the_effect_of_the_tranquilizer_wore_off_authorit-a-74_1455107259617 310E830900000578-3440362-image-a-7_1455118946305