IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 73 හැවිරිදි කාන්තාවක් නිවුන් දැරියන් බිහිකරයි

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 73 හැවිරිදි කාන්තාවක් නිවුන් දැරියන්ට උපත ලබාදී ඇතැයි වාර්තා වේ.

සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකර ඇති අතර දරුවන් හා මව නිරෝගීව පසුවන බව වෛද්‍යවරු පවසති.

කලල තැන්පත් කිරීමේ ක්‍රමය යොදාගෙන පිළිසිඳගැනීම සිදුකළ බව සඳහන් වේ. 

මංගයම්මා යරමාටි නම් මෙම කන්තාවගේ සැමියා 82 හැවිරිදි වියේ පසුවන්නෙකි.  

විවාහයෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් බලාපොරොත්තුව සිටියද පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවත් ඒ හේතුවෙන් තමන්ට බොහෝ අපවාද විඳින්නට සිදුවූ බවත් මොවුහු පවසති.

මංගයම්මා පවසන්නේ දරුවන් බිහිකිරීමට හැකිවීම තමන් ජීවිතයේ ලද විශාලම ජයග්‍රහණය බවයි.

2016 වර්ෂයේදී 70 වියැති ඉන්දියානු කාන්තාවක් පිරිමි දරුවකු බිහිකිරීමට සමත් වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (8)

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 73 හැවිරිදි කාන්තාවක් නිවුන් දැරියන් බිහිකරයි

swarna Friday, 06 September 2019 07:39 PM

මටත් දරුවන් නැහැ. ඒ නිසා මටත් සමාජයෙන් ගොඩක් අපහාස එල්ලවෙනවා. බොහොම අමාරුයි ඉවසගෙන ඉන්න. විශේෂයෙන්ම මට ගොඩක් ආදරය කරන මහත්තයාට මුහුණ දෙන්න වෙන අපහාස වලදී බොහොම අමාරුයි ඉවසන්න.

:       0       18

sandy123Saturday, 07 September 2019 07:08 AM

ඉතාමත් කණගාටුදායකයි. හැම ප්‍රශ්නයකම මිනිසුන්ට තමයි කියන කියමන අමතක කළ උදවියට මතක් කිරීමක් පමණයි. අංග විකල, අත පය නැතිව ඉපදීම් වැනි අසම්පූර්ණ ජීවිත හා බැඳුණු තවත් එක් අවස්ථාවක් පමණයි දරු පල නැතිකම. මෙය ස්ත්‍රී පුරුෂ දෙන්නටම බලපාන කරුණක්. මෙය රෝගයක් හෝ වෙන යම් දෙයක් හැටියට සිතන තාක්කල්, ආකල්ප වෙනස් කරන තාක්කල් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවෙනවා. ඔබ දෙපල ආදරයෙන් සිටින තාක්කල් මෙම අපහාස හුදු වචන මාලාවක් පමණයි. ජීවත්ව සිටින හැම මොහොතකම ඔබ දේපල ආදරයෙන් කල් ගෙවන්න අවැසි ශක්තිය සහ ධෛර්යය නොඅඩුව ලැබේවා යන්න මගේ එකම පැතුමයි.

:       0       78

Athula kSaturday, 07 September 2019 08:31 AM

අපිත් ඔය ගැටලුවට මුහුණ දුන්නා. නමුත් ගැටලුව තිබුනේ පොඩි දෙයක්. දැන් දරුවා උසස් අධ්‍යාපනයේ ඉන්නේ. අපිට අමතරව තව තුන් දෙනෙකුට හරිගියා. අවාසනාවට මම දන්නා තරමට Dr D N විජේරත්න දැන් ලංකාවේ නැහැ. නමුත් Dr හේමන්ත පෙරේරා හොඳයි කියලා අහලා තියෙනවා. මගේ ෆේස්බුක් පිටුවේ සිංහල වෙද මහත්තයෙක් ගැන ලිපියක් ඇති. අපි විඳපු පීඩාව ගැන දන්නා හින්දයි මේ තොරතුරු දුන්නේ.

:       4       28

KumarSaturday, 07 September 2019 02:49 PM

මොකද නෝනට විතරක් දොස් පවරන්නේ. බොහෝවිට තමාගේ සැමියාගේත් වරදක් තිබෙන්න පුළුවන්. එසේ නැතිනම් දෙදෙනාගේ ලේ වර්ග වෙනස් වෙන්න පුළුවනි. ඔබ දෙපළ දරුවන් නොසිටින්න හේතුව සොයා බැලුවේ නැද්ද? මගේ සොහොයුරෙකුට දරුවන් ඇතිකිරීමට හෝමෝන ගන්න සිදුවුණා. ගම්බද නම් බැණ බැණ ඉන්නවා. දරුවන් නොසිටියට දුක්වෙන්න එපා...

:       0       33

AsankaMonday, 09 September 2019 10:10 AM

අයි.වී.එෆ්. ක්‍රමය සාර්ථක ප්‍රතිඵල දෙනවා... වෛද්‍ය හේමන්ත පෙරේරා හමුවන්න...

:       0       1

vidya Friday, 06 September 2019 08:25 PM

විශ්වයේ කේන්ද්‍රස්ථානය වන ඉන්දියාවේ සිතන ඕනෙම දෙයක් වෙන්න පුළුවන්... ඉන්දියාව හතර මහා අපායත් දෙව්ලොවත් අතර මැද තියෙන හැම දෙයක්ම සිදුවෙනවා.

:       52       122

Manik Saturday, 07 September 2019 10:39 AM

අපි මේ ප්‍රශ්නය නිසා අපා දුක් විඳිනවා. මගේ සැමියා ඔහුගේ සහෝදරයන්ට මව්පියන් තරුණ කාලයේ නැති වූණු කාලයේ සිට පියෙකු වගේ උදව් කළා. ඔහුගේ විවාහය පවා පසු වුනේ මව්පියන් නැති සහෝදරයන් රකින්න ගිය නිසා. විශවාස කරන්න එක සහෝදරයෙක් තමන්ගේ පුතා ඉපදුණා කියලා.. මේ දක්වා අපිට කිව්වේ නැහැ. දරුවා ඉපදුණු බව ආරංචි වුනේ ඔවුන්ගේ අසල්වාසියෙකුගෙන්. අපිට පවුලේ සුබ කටයුතු දැනුම් දෙන්නේ නැහැ. අපි මූසලයිලු. හැබැයි අපි දෙන්නා හම්බකරන සල්ලිවල නම් ඒ උදවියට කිසිම මූසලකමක් නැහැ. අනේ ලොකු අයායා අපිට මෙහෙම ප්‍රශ්නයක් කියපු ගමන් අපි දෙවරක් නොසිතා උදව් කරනවා.

:       0       90

සෙනෙවිරත්න Sunday, 08 September 2019 07:40 AM

පෙර ආත්ම, පුනරුත්පත්තිය, කර්මය වගේ ජානගත බොරු කෙප්ප විශ්වාස කරන අය මොකද කියන්නේ..?

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site