ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 73 හැවිරිදි කාන්තාවක් නිවුන් දැරියන්ට උපත ලබාදී ඇතැයි වාර්තා වේ.

සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකර ඇති අතර දරුවන් හා මව නිරෝගීව පසුවන බව වෛද්‍යවරු පවසති.

කලල තැන්පත් කිරීමේ ක්‍රමය යොදාගෙන පිළිසිඳගැනීම සිදුකළ බව සඳහන් වේ. 

මංගයම්මා යරමාටි නම් මෙම කන්තාවගේ සැමියා 82 හැවිරිදි වියේ පසුවන්නෙකි.  

විවාහයෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් බලාපොරොත්තුව සිටියද පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවත් ඒ හේතුවෙන් තමන්ට බොහෝ අපවාද විඳින්නට සිදුවූ බවත් මොවුහු පවසති.

මංගයම්මා පවසන්නේ දරුවන් බිහිකිරීමට හැකිවීම තමන් ජීවිතයේ ලද විශාලම ජයග්‍රහණය බවයි.

2016 වර්ෂයේදී 70 වියැති ඉන්දියානු කාන්තාවක් පිරිමි දරුවකු බිහිකිරීමට සමත් වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)