ඉන්දියාව අභ්‍යාවාකශගත කළ 'මංගලන්' යානය ලබන ඉදිරි පැය 48ක කාලයේ දී අඟහරු ග්‍රහයා වෙත ළඟාවීමට නියමිතය. 2013 නොවැම්බර් මාසයේ දී අභ්‍යාවකාශ ගත කරන ලද මේ යානය අඟහරු කක්ෂයට ඇතුළු වූ පසු ඇමෙරිකාව විසින් අඟහරුවෙත යවන ලද මාවන් යානය සමඟ පරීක්ෂණකටයුතුවල නිරතවනු ඇත. මාවෙන් යානයත් නොවැම්බර් මස 24 වැනි දිනට පෙර අඟහරු කක්ෂයට ඇතුළුවනු ඇත.
1998 වර්ෂයේ දී ජපානය අඟහරු වෙත යානයක් යැවූව ද එහි ඉන්ධන ගැටළුවක් හේතුවෙන් යානය මගදී විනාශ වී ගියේය. ඒ අනුව ඉන්දියාව අඟහරු ජයගත් ප්‍රථම ආසියාතික රට බවට පත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගහරු වෙත ගිය මුල්ම අාසියාතික රට ඉන්දියාව ද? අැයි රුසියාව? ඒ රටේ භාගයක් අාසියාව භාගයක් යුරෝපය නේද ? (නදී)
අගහරුට යාමට යානා සාදති, නමුත් අතිමහත් ජනතාවකට යාමට වැසිකිලි නොමැත (නදී)
ඔය සල්ලි ගොඩ පාවිච්චි කරලා අර අහිංසක මිනිසුන්ට ප්‍රයෝජනවත් යමක් කළා නම් කොච්චර පිනක්ද? (නි)
අතීතය දිහා බැලූවිට අපි ඔක්කොම ඉන්දියානුවන්. ඒ නිසා මට හරි අාඩම්බරයි! (නි)
රේණු, වෙනස තියෙන්නේ ඉන්දියානු නායකයෝ ජනතාවට බඩගින්නේ ඉන්න කියලා රටේ දියුණුවට වැඩ කරනවා අපේ කට්ටිය අපිට බඩගින්නේ ඉන්න කියලා තමන්ගේ අනාගතේ වෙනුවෙන් වැඩකරනවා.(දී)
අනේ ඕකෙන්වත් අර රටක් නැතිව පාවී පාවී ඉන්න දෙමල ත්‍රස්තවාදීන්ට නිජබිමක් හම්බ වුනොත් හරි. අවුල තියෙන්නෙ උන් ඒකේ ගියත් හැමතැනම මළපහ කරලා රතු ග්‍රහයා කහ ග්‍රහයා කරයිද කියලයි. (නදී)
ඒක හොදයි. ඒ උනාට ඒ රට ඇතුලේ ජීවත් වෙන මිනිසුන්ට අපේ රටේ බලු කුක්කෙකුට තියන අයිතිවාසිකමක් තරම් වත් නිදහස් ජීවිකාවක් නැහැ. එ් රට තුල මිනිසුන් තම ජීවිතේ සෑම අවශ්‍ය කටයුත්තක්ම සිදුකරන්නේ මහා පාරේ. හනේ හපොයි .. අගහරු ලෝකයටත් ගියානේ (නදී)
ඉන්දියාව සිදුකල විශිෂ්ඨ ක්‍රියාවට සියලු ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් මගේ හදපිරි සතුට සහ සුබ පැතුම් පිරිනමමි. (නදී)
ඇයි ඊරිසියා. අපේ රටෙනුත් ඔය චන්ද්‍රිකාවක් යවනවා කියල එකක් යැව්වේ රටේ ඔක්කොම වැසිකිලි හදලද ? (නදී)
ඕක මොකක්ද මේ ඊයේ පෙරේද සැටලයිට් එකක් යවපු අපේ රොකට් විද්‍යාව හදාරන පුතා මේ දිනවල බරටම වැඩ සෙනසුරු වලට රොකට් එකක් යවන්න. ඒක අපි හැමෝටම වැදගත් මොකද සෙනසුරු අපල ගැනත් පර්යේෂණයක් කරන්න පුළුවන්. (නදී)
අපේ කට්ටිය උෟව ජයගනී (නදී)
ඉන්දියාවේ මිනිස්සුන්ට කන්න නැති උනත් ඔය වැඩවලට වියදම් කරයි (නදී)
හොද ආදර්ශයක්. ඉංදියාවෙි අදටත් වැඩි පිරිසක් මලපහ කරනේන මහ මග, නිදන්නේ මහ මග කුසගින්න ඔවුන්ට හුරු වෙලා. නමුත් ඔවුන්ගේ ඉදිරි පරමිපාරව ගැන සිතා ඒ දුක දරා ගන්න ඉඩ දිලා තියෙන්නේ. නමුත් අපේ ජනතාවට බඩගින්න දරා ගන්න බෑ. අනාගත පරපුරේ සැපත වෙනුවෙන් ඔවුන් බඩගින්නවත් අකමැතියි (නදී)
අපට අසල් වැසි රටක මේ වගේ තාක්ෂණයක් තියෙන එක ගැන ආඩම්බරයි, අපට නැති උනාට. නමුත් සතුටු වෙන්න බැහැ. ඉන්දියාව "පහුගිය සමීප අතීතයේදී " අපට කරපු දේවල් නිසා. (ස)