දකුණු ඉන්දියාවේ අන්ද්‍රා පෙදෙස් හි රාජ්මුන්ඩ්රි හි ‘‘මහා පුෂ්කරාළු‘‘ නම් ආගමික උත්සවය පැවති ගෝඩාවරි ගංගා ඉවුරේ දී තෙරපීමෙන් 27 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
හින්දු භක්තිකයෝ මේ උත්සවයේ දී ජලයේ කිමිදෙති. දින දොලහක් පැවැත්වෙන මේ ආගමික උත්සවය සඳහා හින්දි බැතිමතුන් ලක්ෂ 240ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වෙයි. ඔවුන් සියළු දෙනාගේ විශ්වාසය වන්නේ ගෝදාවරි ගඟේ කිමිදෙමින් ශුද්ධ වූ ජලය ස්නානය කිරීමෙන් තම පව් සේදී යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යා දෘෂ්ටිය (නදී)
දිලුක් වාගේ ජාතිවාදය වපුරන මිනිසුන් සිටින තාක් ලංකාවේ ද්‍රවිඩ සිංහල මිනිසුන් අතර සුහදතාවයක් ඇති කළ හැකි වේද?ළිං ගෙම්බෝ වාගේ මතුපිටින් පෙනෙන සිද්ධියක් අල්ලාගෙන උතුරේ මිනිසුන්ට ගරහන්නේ ඇයි?තමුන් ගල් යුගයේ හිඳිමින් අනිකුත් මිනිසුන්ට ගරහන මෙවැනි ජාතිවාදියෝ ජාතියටම පිළිලයකි....(බ)
උතුරේ විතරක් නෙමේ ලංකාවේම ඉන්නේ මුන් තමය් මී හරක් (ස)
දිලුක් හරි. මේ අය මිත්‍යා දෘෂ්ටිකයෝ.(හේ)
එහෙනම් ලංකාවේ කපුවො පිටුපස යන අය කවුද?මේ සම්පත්,දන්නේ නැති දේවල් කතානොකර ඉන්න (නි)
ඔව් ඔව් එහෙමලු. පුළුවන් තරම් පව් කරලා ගගට පනින්න. කුණු හේදුවට පව් හේදුවට කරුමේ හෝදන්න බැහැ මිනිසුනේ. (නදී)
දිලුක්,මේ ඊයේ පෙරේදා අපේ ජනාදිපති, ප්‍රසිද්ද ප්‍රකාශයක් කළා නේද මහජන දේපොළ කොල්ලකන මිනිසුන් ලබන ආත්මයේ බලු කපුටෝ වෙලා ඉපදෙනවා කියලා. එම නිසා මේවාගේ ජාතිවාදය අවුස්සන, ඔබලා වැනි මෝඩයන් ලබන ආත්මයේ ඉන්දියාවේ දුප්පත් ඉන්දියානුවෙක් වෙලා ඉපදෙයි.කට පරිස්සම් කරගන්න. (ස)
එක එක ඇදහිලි ක්‍රම.නමුත් මේ මිනිස්සු මොන දේ කලත් හිතේ විශ්වසයෙන් හා භක්තියෙන් එක අදහනවනේ. (ම)
මම ඉන්දියාවේ අවුරුදු 4 ඉගෙනගත්තා.. ඉතාම මානුශික මිනිස්සු ඉන්න රටක්.. පොඩ්ඩක් ඉන්දියාවේ කෙරෙන විද්‍යාත්මක පරීක්ශන ගැන එහෙම හොයල බලන්න්.. සුලුතරයකින් රටක් මනින් එපා.. පහුගිය කාලෙ ලංකාවෙ මිනිස්සු කරපු මීට වඩා ගොන් වැඩ මම දැකල තියෙනවා.. දිලුක් තමන්ගේ ඔලුවෙ තියෙන මෝඩ ජාතිවාදයත් මේ අස්සේ එලියට දාන්න හදල තියෙනවා... (ස)
නිකම් ඉන්න දවසක ගිහිල්ල නා ගන්න තිබ්බනේ ඉන්දියාවේ බහුතරයක් තාම ඉන්නේ ගල් යුගයේ ....අපේ උතුර පැත්තේ ඉන්නේ ඒත් ඉන් කොටසක්. (බ)
ඇයි අපේ රටෙත් කතරගම වදින්න යනකොට මැණික් ගඟෙන් නාලා පිරිසිදුවෙලා නේද කතරගම දේවාලයට මිනිසුන් වඳින්න යන්නේ? තෙරපීම් වලින් ඉන්දියාවේ විතරක් නොවෙයි සෞදි අරාබියෙත්, ශුද්ධ වූ මක්කම වැඳ පුදා ගන්නට ගිය කට්ටියකටත් කාලයකට ඉහතදී මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා.කොහොම වුණත් කණගාටුදායක සිදුවීමක්. (නි)
හොඳයි, දිලුක් කියන විදිහට ඉන්දියාවේ මිනිස්සු ඉන්නේ ගල් යුගයේ නම් ලංකාවේ ඉන්නවා ඇත්තේ ඊටත් වැඩිය ආදිතම යුගයේ මිනිස්සු වෙන්න ඕනෑ. පාරට බැහැලා බලන්න පාරේ වැඩි හරියක් දුවන්නේ ඉන්දියාවේ වාහනද අපි හදපු ඒවාද කියලා. මහින්දගේ රජයෙන් කළේ අපේ මිනිසුන්ට අනුන්ගේ ඇද හොය හොයා ඉන්න ඉගැන්නුවා මිසක් තමන්ගේ නිෂ්පාදනයක් කරලා අපනයනය කරන්න නෙමෙයි. සෞදියේ ඉන්න අපිට ලැජ්ජයි මෙහෙ අපි බොන්නෙත් ඉන්දියාවේ තේ කොල. අපේ රටේ කියලා හදපු මොකුවත් මෙහෙ හොයාගන්නවත් නැහැ. ඔක්කොම ඉන්දියාවෙයි චීනෙයි. (නි)
අනේ සුදත් ලක්ෂ 240 ක් කියන්නේ සුලුතරයක්ද? කොහේද ඉගෙන ගත්තේ? (ස)
මෙහි වාසගමත් සමග මෝඩ කොමෙන්ට්ස් දාලා තියන කෙනාට කියන්න තියෙන්නේ, උතුරේ නාගදීපය වැඳ පුදාගෙන,කීරමලෙන් නාගෙන උතුරේ දිරිය ගොවීන්ගේ, ගොවි වගා බිම් බලාගෙන ,කුරුවල් වී ඇති මොළ පොඩ්ඩ සුද්ද කර ගන්න කියලයි. (නදී)