IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ 18 වැඩි සැමට එන්නත්

ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සැමට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල හමුවක් අද (19) පැවැත්විණි. එහිදී සාකච්ඡා පැවැත්වීමෙන් පසු, එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කිරීමට තීරණය කෙරුණි.

එන්නත්කරණ වැඩසටහන මෙසේ පුළුල් කිරීමට තීරණය කෙරුණේ ඉන්දියාවෙන් දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙකකට වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති බැවිනි.

ඉන්දියාව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරියේය. මෙම අප්‍රේල් පළමු වැනිදා සිට 45 ට වැඩි සැමට එන්නත් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන පුළුල් කළේය.

ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බැවින්, ලබන මැයි පළමු වැනිදා සිට ඉන්දියාවේ 18 වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ කරන බවත්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත් සියල්ල ඒ වෙනුවෙන් යෙදවීමටත් ඉන්දීය මධ්‍යම රජය තීරණය කළේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාවේ 18 වැඩි සැමට එන්නත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site