ඉන්දියාවට අයත් කාෂ්මීර ප්‍රදේශයේදී ඉන්දියානු හමුදාව හා බෙදුම්වාදී කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම්වලින් පස්දෙනකු මියගොස් ඇත.
මියගිය අය අතර එක් සිවිල් වැසියකු ද ආරක්ෂක භටයින් හතර දෙනෙකු ද සිටින බව පැවසේ.
ප්‍රදේශයේ අවුරුදු 30ක් තිස්සේ පැවති කැරළි කෝලාහල දැනට මාස කිහිපයක සිට නව මුහුණුවරකින් ආරම්භ වී ඇති බවත් ඉන් පසු මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
පකිස්ථාන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයෙකු විසින් පසුගිය පෙබරවාරි 14වනදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඉන්දීය පොලිස් නිලධාරීන් 40දෙනකු මිය යෑමෙන් පසු ප්‍රදේශයේ ගැටුම් වර්ධනය විය.
කාෂ්මීරයේ පාලනය සඳහා දශක ගණනාවක සිට ඉන්දියාව හා පකිස්ථානය අතර එදිරිවාදිකම් පවතී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොද නැහැ දැන්මම නවත්ත ගත්තේ නැත්තම්.කාශ්මීරය තමයි දැන් ත්‍රස්තවාදියාගේ නිජබිම වෙලා තියෙන්නේ