නේපාලයේ කත්මන්දු නගරය ආසන්නයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිටි ඉන්දියානු සංචාරකයින් අටදෙනකු හදිසියේ මියගොස් ඇතැයි වාර්තා වේ.
රාත්‍රී කාලයේ උණුසුම ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ ගෑස් හීටරයකින් නිකුත් වූ දුම ආඝ්‍රානය වී හුස්ම හිරවීම හේතුවෙන් මොවුන් මියගොස් ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
මියගිය අය අතර කුඩා දරුවන් හතරදෙනකු ද සිටින බව සඳහන් වේ.
කෙසේවුවද මෙම කණ්ඩායමේ සිටි හත් දෙනකු කිසිඳු උපද්‍රවයකින් තොරව දිවි බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගිය ඉන්දියානු ජාතිකයින් අට දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කත්මන්දු රෝහල වෙත ගෙන ගොස් තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd