බීජිංහිදීය (රොයිටර්)

එක් තීරයක් එක් මාවතක් යටිතල පහසුකම් ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ සහාය ගැනීමට චීනය අසමත් වී තිබේ.

චීනයේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසු ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් නිවේදනයක් නිකුත් කළාය. ඉන්දියාව චීනයේ එක් තීරයක් එක් මාවතක් (වන් බෙල්ට් වන් රෝඞ්) ව්‍යාපෘතියට සහාය දක්වන බවට එහි කිසිදු සඳහනක් නැත.  

චීනයේ සහ රුසියාවේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන ‘ෂැංහයි සහයෝගීතා සංවිධානයේ’ විදේශ අමාත්‍යවරුන්ගේ අවසානයේදී ඉන්දීය විදේශ ඇමතිනිය එම නිවේදනය නිකුත් කළාය.

චීනයේ එක් තීරයක් එක් මාවතක් (වන් බෙල්ට් වන් රෝඞ්) ව්‍යාපෘතිය යනු එරට ජනාධිපති ෂී ජින්පින්ගේ සංකල්පයකි. එය ආසියාව, යුරෝපය සහ මැදපෙරදිග සම්බන්ධ කරන ඉපැරැණි සේද මාවතේ නැවත ක්‍රියාත්මක කිරීමකි. ගොඩබිම් සේද මාවතට අමතරව සාගර සේද මාවතක් ද වේ.

සේද මාවත් ව්‍යාපෘතිය යටතේ චීනය විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඉන්දියාව චීනය සමඟ කිසිදු ව්‍යාපෘතියකට අත්සන් තබා නොමැත. ඉන්දියාවේ ප්‍රතිවාදියා සහ අසල්වැසියා වන පාකිස්තානය චීනය සමඟ චීන පාකිස්තාන ආර්ථික තීරය නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කනර අතර ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන මුල් එක්සත් ජනපද ඩොලර් බිලියන 57කි.



- 055