බීජිංහිදීය (රොයිටර්)
එක් තීරයක් එක් මාවතක් යටිතල පහසුකම් ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ සහාය ගැනීමට චීනය අසමත් වී තිබේ.
චීනයේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසු ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් නිවේදනයක් නිකුත් කළාය. ඉන්දියාව චීනයේ එක් තීරයක් එක් මාවතක් (වන් බෙල්ට් වන් රෝඞ්) ව්‍යාපෘතියට සහාය දක්වන බවට එහි කිසිදු සඳහනක් නැත.
චීනයේ සහ රුසියාවේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන ‘ෂැංහයි සහයෝගීතා සංවිධානයේ’ විදේශ අමාත්‍යවරුන්ගේ අවසානයේදී ඉන්දීය විදේශ ඇමතිනිය එම නිවේදනය නිකුත් කළාය.
චීනයේ එක් තීරයක් එක් මාවතක් (වන් බෙල්ට් වන් රෝඞ්) ව්‍යාපෘතිය යනු එරට ජනාධිපති ෂී ජින්පින්ගේ සංකල්පයකි. එය ආසියාව, යුරෝපය සහ මැදපෙරදිග සම්බන්ධ කරන ඉපැරැණි සේද මාවතේ නැවත ක්‍රියාත්මක කිරීමකි. ගොඩබිම් සේද මාවතට අමතරව සාගර සේද මාවතක් ද වේ.
සේද මාවත් ව්‍යාපෘතිය යටතේ චීනය විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඉන්දියාව චීනය සමඟ කිසිදු ව්‍යාපෘතියකට අත්සන් තබා නොමැත. ඉන්දියාවේ ප්‍රතිවාදියා සහ අසල්වැසියා වන පාකිස්තානය චීනය සමඟ චීන පාකිස්තාන ආර්ථික තීරය නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කනර අතර ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන මුල් එක්සත් ජනපද ඩොලර් බිලියන 57කි.

- 055
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය සහයෝගය චීනයට අහිමි වෙයි