හයිද්‍රාබාද් සත්තුවත්තේ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පාසල් සිසුවකු (16) මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මන්ජීත් චෞද්රි නමැති සිසුවා 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර පාසල් විභාගය අවසන්වීමෙන් පසු ඔහු සිය සහෝදරිය හා මස්සිනා සමග සත්වෝද්‍යානය නැරඹීමට ගොස් ඇත.
මන්ජීත් සිය පවුලේ අය සමග සමනළ උද්‍යානය අසල ගලකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම අනතුරු සිදුව ඇතැයි කියති. ඔහුගේ පය ලිස්සා යාමෙන් පසු ඔහු වතුරට ඇද වැටී ඇති බවත් එහිදී ඔහුගේ හිස ගලේ වැදීම හේතුවෙන් මරණය සිදුව ඇති බවත් කියති.
මන්ජීත් රෝහල්ගත කරන විට සිහිමුර්ජාවී සිට ඇත. ඔස්මානියා රෝහලේදී ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සත්වෝද්‍යාන බලධාරීන් කියනුයේ සිසුවාට විදුලි සැර වැදී ඇති බවයි. පොලිසිය මෙය සැකකටයුතු මරණයක් ලෙස සඳහන් කර ඇත.
අක්කර 400ක පමණ වපසරියකින් යුත් හයිද්‍රාබාද් සත්වෝද්‍යානය සතුව ආරක්ෂක නිලධාරීන් 73ක් සිටින බව වාර්තාවේ. පසුගිය වසරේ 19 හැවිරිදි තාක්ෂණ ශිල්පියකු සතුන් සමග සිට ලබාගත් ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුගිය ජනවාරියේ මුම්බායි පොලිසිය සෙල්ෆි ඡායාරූප නොගත යුතු ස්ථාන 16 ක් ද නම් කර තිබුණේ තරුණියක් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මුහුදට වැටී මිය යාමේ සිද්ධියක් හේතුවෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕකට බුල්ෆි කියල නම වෙනස් කරමු. මොකද ඕක මී හරක් වැඩක්නේ. එතකොට අපිට කියත හැකි අපි බුල්ෆියක් ගහමු කියල එතකොට ෆොටෝ එක ගන්න එකාම පිලිගන්නවා උෟ මී හරකෙක් කියල. (බ)
මේ සෙල්ෆි දැන් පුදුම පිස්සුවක් වෙලා තියෙන්නේ (නි)
අනේ මේ පොඩි උන්ගේ හිතේ ආසාවට පොටෝ එකක් ගහ ගත්තට මොකක් වෙනවද? ලෙස්සන තැන්වල ලෙස්සන සුලුයි කියල බෝඩ් එකක් ගැහැවුවනම් හොඳටම ඇති. පොටෝ එකක් ගැහැවුවට කාටවත් හානියක් තියෙනවද? උන්ට නිදහසේ ඉන්න දෙන්න. (බ)
අලුත් පරපුරේ ළමයි පුදුම දුකක් විඳින්නේ පින්තුරයක් ගහගන්න. ඒක අමාරුවෙන් ගහගන්නවා විතරක් නෙමෙයි හිතේ හැටියට තමන්ගේ ඇත්ත පෙනුම වෙනස් කරගෙන මේකප් එකක් ගාගන්න එඩිට් කරන්නත් පුදුම දුකක් විඳින්නේ. වෙලාවකට පවු කියලත් හිතෙනවා (නි)
මේ සෙල්ෆි ෆොටෝ ක්‍රමයට මුල්ම ෆොටෝ එක අරන් තියෙන්නේ 1839. අවුරුදු 175 කටත් වැඩියි. රොබට් චොරෙනේලිස් තමයි මුල්ම ෆොටෝ එක අරන් තියන්නේ.(කෞ)