IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය සාගරයේ යුද අභ්‍යාසයක්

ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ සහභාගීත්වයෙන් නාවික යුද අභ්‍යාසක් ඉකුත් දා ආරම්භ විය.  

ඉන්දීය සාගර කලාපයේ නැගෙනහිර පෙදෙසේ දී සඳුදා මෙම නාවික යුද අභ්‍යාස ආරම්භ වූ අතර ‘ක්වඩ්’ සංවිධානයට අයත් රටවල නාවික හමුදාවල ශක්තිය වැඩි කරගැනීමටත් සාමාජික රටවල නාවික හමුදා අතර සම්බන්ධතා ශක්ති කරගැනීමේත් අරමුණ ඇතිව මෙම නාවික යුද අභ්‍යාස වැඩසටහන ආරම්භ වූ ඉන්දීය නාවික    හමුදාව සඳහන් කළේය.  

චීනය ඉන්දීය සාගර කලාපය තුළ සිය මැදිහත්වීම ශක්තිමත් කරගැනීමට උත්සාහ කරන අවස්ථාවක මෙම යුද     අභ්‍යාස ආරම්භ විය.  

ප්‍රථම වරට ප්‍රංශයේ මූලිකත්වයෙන් ද යුද අභ්‍යාසයක් ආරම්භ වන අතර ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත්  යුද නෞකා දෙකක් ද දිගු දුර සාගර මුර සංචාරවලට  යොදා තිබෙන ගුවන් යානයක් ද යොදාගැනේ.    

ඉන්දු - ශාන්තිකර කලාපයේ සියලුදෙනාගේ සහභාගීත්වය පවත්වාගෙන යෑමටත් එම කලාපය සියලු දෙනාට විවෘත සහ ජාත්‍යන්තර සම්මතයටත් නීතිවලටත් යටත් කලාපයක් බවටත් පත් කිරීමට අප කැප වී සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නාවික හමුදාවේ ප්‍රකාශක අණදෙන නිලධාරී විවේක් මාද්වාල් පැවැසීය.  

ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාවේ මූලිකත්වයෙන් චතුර් ආරක්ෂක සංවාදය ආරම්භ කරන ලදි. එය ‘ක්වඩ්’ යන කෙටි නාමයෙන් හැඳින්වේ. එය මුල්වරට කරළියට පිවිසියේ 2017 වසරේ දී ය.

මෙම කණ්ඩායම සිය සාකච්ඡා සහ සංවාද අමාත්‍ය මට්ටමට ඉහළ දැමීමත් සමඟ මේ සම්බන්ධයෙන් අවධානය ද ඉහළ ගියේ ය.  

හින්දුස්තාන් ටයිම්ස් 



අදහස් (0)

ඉන්දීය සාගරයේ යුද අභ්‍යාසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site