ඉන්දිය රජයට අයත් ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි නාසික එන්නත ඉන්දියානුවන්ට ලබා දීමට ඉන්දීය රජය අවසර දී තිබේ.
ඉන්දීය රජය මෙසේ ‘ඉන්-කෝවැක්’ නමැති මෙම නාසික එන්නත නිර්දේශ කළේ එරට සෞඛ්‍ය අංශ එන්නත සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ පවා සැලකිල්ලට ගනිමිනි.
එන්නත් මාත්‍රාව බිංදු දෙකකි. ‘කොවිෂීල්ඞ්’ සහ ‘කොවැකිසින්’ කොවිඞ් 19 පළමු සහ දෙවැනි මාත්‍රා මෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබාගත් ඕනෑම අයකුට මෙම නාසික එන්නත සුදුසු යැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
එන්නත් කටුවලට බියක් දක්වන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් ‘ඉන්-කෝවැක්’ එන්නත ලබා ගැනීම කළ හැකි බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd