ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දියා විනිසුරුවරුවෝ අසල්වැසි රටවල විනිසුරුවරුන් සමඟ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට සැරසෙති.

ඒ අනුව ඉන්දියාවේ ජාතික අධිකරණ ඇකඩමිය අගෝස්තු 20 සිට 24 දක්වා පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන ඉන්දීය අගවිනිසුරු හා ජාතික අධිකරණ ඇකඩමියේ සභාපති ටී.එස් ඨාකූර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙම පුහුණු වැඩමුළුවේදී ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම, ඉන්දියාව සිදුවීම් අධ්‍යයනයේදී කටයුතු කළ ආකාරය, අන්තර්ජාල අපරාධ හා නීතිය, මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම වැඩමුළුවට ශ්‍රී ලංකාවෙන් විනිසුරුවරුන් හත්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වීමට නියමිත අතර ඔවුන් අධිකරණ ආචාර ධර්ම, සාක්ෂිවල සත්‍ය අසත්‍ය බව, ආදී පුහුණු සැසිවලට ද සහභාගී වීමට නියමිතය.