
ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
තමන් ආසාදිතයකු බව නිවේදනය කළේ ද විදේශ අමාත්‍යවරයාය. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.
පසුගිය දිනවල සමීපව තමන් ඇසුරු කළ සියලු දෙනාගෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ, අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් කොරෝනා පරීක්ෂණයකට යොමු වී ආසාදිතයකු ද නැද්ද යන්න තහවුරු කර ගන්නා ලෙසය.
ඉන්දියාව මේ වනවිට තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙයි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වුණු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 2,86,384 කි. මරණ වාර්තා වී ඇත්තේ 573 ක් ලෙසය.
මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 40,371,500 කි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd