ඉන්දියාවේ ගුවාහ්ති සීමාවේ යානයක බෝම්බයක් ඇතැයි එයාර් ඉන්දියා ගුවන් සේවයට ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් ඉන්දියාවේ කල්කටා ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය පුවත්සේවා පවසයි.
ගුවන්යානය කාලසටහනට අනුව පියාසර කිරීමට මොහොතකට පෙර එම පණිවිඩය ලැබී ඇතැයි කියති.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ බලධාරීහු ගුවන්යානය නවතා එය එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයිද බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පරීක්ෂණ අරඹා ඇතැයි ද කියති.
කාන්තාවක පෙරවරු 8.20ට දුරකථන ඇමතුමක් ලබාදී ගුවාහ්ති යාමට නියමිත යානයේ සැකකටයුතු යමක් ඇතැයි ද එය බෝම්බයක් විය හැකි බවද දන්වා ඇත. ඒ අනුව එහි සිටි මගීන් 114 දෙනකු වහාම ඉවත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන් බෝම්බය හමුවෙලාද?