ඉන්දීය දේශ සීමා ආරක්ෂක බළකායට අයත් කුඩා ගුවන් යානයක් ඉන්දියාවේ දිල්ලි නගරාසන්නයේදී තාප්පයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය ආරංචි කියයි.

නියමුවන් දෙදෙනකු හා තාක්ෂණික ශිල්පීන් 8 දෙනකු රැගත් යානය දිල්ලි ගුවන්තොටුපළේ තාප්පයක වැදී ඇත. ඊට හේතුව තාක්ෂණික දෝෂයක් බව කියති. ගුවන්යානය පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාවය පෙරවරු 9.50 න් පසු බිඳ වැටී ඇත.

මෙම යානයේ ගිය තාක්ෂණ ශිල්පීන් රංචි ගුවන්තොටුපළේ තිබූ හෙලිකොප්ටරයක් අලුත්වැඩියාව සඳහා යමින් සිටි බව කියති. 

plane_201512221 plane-20151222p2ic plane-20151222pic