පුද්ගලයන් 27 දෙනකු සමග අතුරුදන්වූ ඉන්දීය යානය සෙවීම සඳහා විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අද (24) තුන්වැනි දිනටත් යානය සෙවීමේ කටයුතුවල නිරත වුවද කිසිදු සලකුණක් හෝ යානයේ කොටසක් හෝ සොයාගත නොහැකිවූ බව ඉන්දීය ගුවන් හා නාවික හමුදා බලධාරීහු කියති.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැහැදිලි අහස සහ කාලගුණය යානය සෙවීමේ මෙහෙයුම් පහසුකළ බවයි.

සෙනසුරාදා රළු මුහුද, ඝන මෝසම් සුළඟ හා වලාකුළු සෙනසුරාදා මෙහෙයුම් සඳහා බාධා කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

නැව් 16ක්, සබ්මැරීනයක් හා ගුවන්යානා තුනක් අතුරුදන්වූ යානය සෙවීමට යොදවා ඇත.

නැගෙනහිර ඉන්දියාවේ බෙංගාල බොක්කේ දී පසුගිය අතුරුදන්වූ රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ යානයේ හමුදාවේ 21 දෙනකු හා කාර්ය මණ්ඩලයේ හය දෙනකු සිටි බව කියති.