ඉන්දියාවේ ජෙට් ගුවන් සමාගමේ යානයක් මගීන් 161 දෙනකු හා කාර්ය මණ්ඩලය සමග අද පෙරවරුවේ ගෝවා හි ඩබොලිම් ගුවන්තොටුපළේදී අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

හදිසි ප්‍රතිකාර සඳහා මගීන් යානයෙන් එළියට ගත් බවත් මගීන් 15 දෙනකු පමණ සුළු තුවාල ලබා ඇති බවත් කියති.

එම යානය ගුවන්ගත කිරීමට යද්දී ලිස්සීමකට ලක්ව අංශක 360ක් කැරකී ගොස් ඇතැයි වාර්තාවේ. යානය මුම්බායි බලා යාමට නියමිතව තිබූ එකක් බව කියති.

මේ අතර ඉන්දිගෝ සහ ස්පයිස් ජෙට් යානා දෙකක් දිල්ලි නුවර අයිජීඅයි ගුවන්තොටුපළේදී මුහුණට මුහුණලා පැමිණීමෙන් සිදුවීමට ගිය අනතුරක් නූලෙන් බේරුණු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලක්නව් හි සිට මගීන් 176 දෙනකු සමග පැමිණි යානයක් හා ස්පයිස් ජෙට් යානයක් අතර මෙම අනතුර සිදුවීමට ගිය බවත් ලක්නව් සිට පැමිණි යානාවේ නියමුවා එය නතර කර ගැනීමට සමත්වූ බවත් කියති.

webet-airways-skid_650x400_51482814954webet-airways-skid_650x400_81482814981