IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය යෝග ගුරුට වැඩ වරදී

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට බටහිර වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකර්මයක් නොමැති බවත්, යෝග ව්‍යායාම හරහා වයිරසය සුවපත් කිරීමට හැකි බවත් පවසන ඉන්දීය යෝග ගුරු බාබා රාම්දේව්ට ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ.

බාබා රාම්දේව් යනු ඉන්දියාවේ පිළිගත් යෝග ගුරුවරයෙකි. ඔහු ඉන්දියාවේ සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදන සමාගමක සම හිමිකරුවකු ද වෙයි. බාබා රාම්දේව් මැදිහත් වී, කොරෝනා සුවපත් කරන දේශීය ඖෂධ රැසක් ද හඳුන්වා දී තිබේ.

බටහිර වෛද්‍ය විද්‍යාව අපහාසයට ලක් කරමින්, බාබා රාම්දේව් පසුගිය දා කියා සිටියේ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මියයන්නේ බටහිර වෛද්‍යවරුන්ගේ අසාර්ථක ප්‍රතිකාර නිසා බවය.

මෙම ප්‍රකාශයෙන් පසු බාබා රාම්දේව්ට එරෙහි වෛද්‍යවරුන්ගේ විරෝධය වැඩි වී ඇති බවත්, බාබා රාම්දේව් වහා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් ඉන්දීය වෛද්‍යවරුන් විරෝධතා පවත්වන බවත් එරට පුවත් සේවා පෙන්වා දෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)



අදහස් (5)

ඉන්දීය යෝග ගුරුට වැඩ වරදී

fairoos Wednesday, 02 June 2021 01:02 PM

ලංකාව නම් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා මාර ප්‍රසිද්ධියක් දෙනවා.

:       8       109

Narada Wednesday, 02 June 2021 06:09 PM

තිත්ත ඇත්ත. විසඳුම බටහිර වෛද්‍ය විද්‍යාව .

:       0       0

සෙනරත් Thursday, 03 June 2021 02:50 PM

ලංකාවේත් ඉන්නවා ඔය වගේ සෙට් එකක්ම.... හි... හි...

:       0       5

sampath Saturday, 05 June 2021 09:58 AM

අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ඕනැම කෙනෙකුට තියනව

:       0       0

pakeer Sunday, 06 June 2021 10:27 PM

අයියෝ මෙහෙ ඉන්න ඕනේ පොරක්නේ මේ... අපරාදෙ!!! අපේ අයට හරියටම ගැලපෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site