'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට බටහිර වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකර්මයක් නොමැති බවත්, යෝග ව්‍යායාම හරහා වයිරසය සුවපත් කිරීමට හැකි බවත් පවසන ඉන්දීය යෝග ගුරු බාබා රාම්දේව්ට ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ.
බාබා රාම්දේව් යනු ඉන්දියාවේ පිළිගත් යෝග ගුරුවරයෙකි. ඔහු ඉන්දියාවේ සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදන සමාගමක සම හිමිකරුවකු ද වෙයි. බාබා රාම්දේව් මැදිහත් වී, කොරෝනා සුවපත් කරන දේශීය ඖෂධ රැසක් ද හඳුන්වා දී තිබේ.
බටහිර වෛද්‍ය විද්‍යාව අපහාසයට ලක් කරමින්, බාබා රාම්දේව් පසුගිය දා කියා සිටියේ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මියයන්නේ බටහිර වෛද්‍යවරුන්ගේ අසාර්ථක ප්‍රතිකාර නිසා බවය.
මෙම ප්‍රකාශයෙන් පසු බාබා රාම්දේව්ට එරෙහි වෛද්‍යවරුන්ගේ විරෝධය වැඩි වී ඇති බවත්, බාබා රාම්දේව් වහා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් ඉන්දීය වෛද්‍යවරුන් විරෝධතා පවත්වන බවත් එරට පුවත් සේවා පෙන්වා දෙයි.
නවදිල්ලියේදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව නම් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා මාර ප්‍රසිද්ධියක් දෙනවා.
තිත්ත ඇත්ත. විසඳුම බටහිර වෛද්‍ය විද්‍යාව .
ලංකාවේත් ඉන්නවා ඔය වගේ සෙට් එකක්ම.... හි... හි...
අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ඕනැම කෙනෙකුට තියනව
අයියෝ මෙහෙ ඉන්න ඕනේ පොරක්නේ මේ... අපරාදෙ!!! අපේ අයට හරියටම ගැලපෙනවා.