ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද (18) ආරම්භ විය.
ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර දකුණු ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර මිලියන 155ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. මහ මැතිවරණයේ දෙවැනි අදියරේදී ප්‍රාන්ත 12ක පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශ 95ක් සඳහා විමසීම පැවැත්වේ. ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ඇතැම් කොටස්වලද ඡන්ද විමසීම් පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම වැළැක්වීම සඳහා විපක්ෂයේ පක්ෂ දැඩි සටනක නිරත වී සිටී. ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියරේදී තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්තවලව වැඩි අවධානයක් යොමු වී තිබේ. අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බලයෙන් ඉවත් කිරීමට නම් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට සහ එම පක්ෂයේ මිත්‍ර පක්ෂවලට විශාල වැඩි සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට සිදුවනු ඇත.
අවසන් වරට පැවැති මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දියාවේ උතුරු දෙසට වන්නට පිහිටි ප්‍රාන්තවල දී අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තේය. එම ප්‍රාන්තවල ආසනවලින් සියයට 70කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ද භාරතීය ජනතා පක්ෂය සමත්විය.
ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනිදා ආරම්භ වූ අතර මැයි 19 වැනිදා අවසන් වීමට නියමිතය. ඡන්දය ගණන් කිරීම මැයි 23 වැනිදා සිදු කෙරෙන අතර එදිනම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.
තම ජාතිකවාදී හින්දු පදනමට ආමන්ත්‍රණය කරමින් භාරතීය ජනතා පක්ෂය ආක්‍රමණශීලි මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළේය. සුළු ජාතීන් පිනවන බවට ද භාරතීය ජනතා පක්ෂය තම ප්‍රතිවාදීන්ට චෝදනා කළේය.
එවැනි බෙදීම් සහ ඒත් සමඟ පැවැත්වෙන මැතිවරණය ඉන්දියාවේ අනාගමික පදනමට තර්ජනයක් යැයි විචාරකයෝ පෙන්වාදෙති.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර ඇරඹේ