
ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පියාසර කළ එක් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් මගී ගුවන් යානයක් සිංගප්පූරු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව යටත්, ජනාකීර්ණ පළාත්වලින් ඉවතට ගෙන යමින්, ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩ බෑ බව ද වාර්තා වේ.
මීට අමතරව, ජායිපූර් සිට අයෝධ්‍යාව හරහා බැංගලෝර් දක්වා යන ගුවන් යානයකට, බැග්ඩෝග්‍රා සිට බැංගලෝර් බලා යන ගුවන් යානයකට, දිල්ලි සිට චිකාගෝ බලා යන ගුවන් යානයකට, සෞදියේ සිට ලක්නව් බලා යන ගුවන් යානයකට, අම්රිත්සාර් සිය ඩේරාඩුන් යන යානයකට, මදුරෙයි සිට සිංගප්පූරුව දක්වා යන යානයකට මෙසේ සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වුණු බව වාර්තා වේ.
මෙම යානා සියල්ල ගුවන්තොටුපොළවලට ආරක්ෂිතව ගොඩබෑ බවත්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඒවායින් ඉවත් කර සෝදිසි කෙරුණත් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ හෝ හමුනොවුණු බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
de silva Wednesday, 16 October 2024 03:36 PM
කවුරුහරි ලණුවක් දීලා...!