IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉන්දීය ප්‍රාන්ත 5 ක මැතිවරණ ඇරැඹේ

කොරෝනා වයිරස වසංගතය මැද, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක ප්‍රාන්ත සභා මැතිවරණ අද (27) සිට ලබන අප්‍රේල් 29 තෙක් අදියර කීපයක් යටතේ පැවැත්වෙනු ඇත.

මැතිවරණ පැවැත්වෙන්නේ ඇසෑමය, කේරළය, පුඩුචෙරි, තමිල්නාඩු සහ බටහිර බෙංගාල යන ප්‍රාන්තවල ප්‍රාන්තසභා වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීමටය.

මේ වනවිට යළිත් වරක්, ඉන්දියාවේ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරස ඇසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇති බවත් ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදියන් ගණන 52,000 ඉක්මවූ බවත් සෞඛ්‍ය අංශ කියයි.

වයිරස ව්‍යාප්තිය වැඩි වී ඇති බැවින්, මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව යැයි ප්‍රාන්ත මැතිවරණ බලධාරීහු පවසති. අද (27) මැතිවරණ කටයුතු ආරම්භ වන්නේ ඇසෑම් ප්‍රාන්තයෙනි.

ඇසෑම් මැතිවරණයේ පළමු අදියර අද (27) ආරම්භ වුවත් දෙවැනි සහ තෙවැනි අදියර පැවැත්වෙනු ඇත්තේ අප්‍රේල් පළමු වැනිදාත් සය වැනිදාත්ය. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේ පළමු අදියර ද අද (27) පැවැත්වෙයි.

බෙංගාලයේ සෙසු මැතිවරණ පැවැත්වෙනු ඇත්තේ අප්‍රේල් 1, 6, 10, 17, 22, 26 සහ 29 යන දිනවලදීය. තමිල්නාඩු, පුඩුචෙරි සහ කේරළ යන ප්‍රාන්තවල ප්‍රාන්තසභා මැතිවරණ පැවැත්වෙන්නේ අප්‍රේල් 6 වැනිදාය. දේශපාලනික අර්බුද හේතුවෙන්, පුඩුචෙරි ප්‍රාන්තය මේ වනවිට ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පවතී.

පැවැත්වෙන මෙම ප්‍රාන්ත මැතිවරණවල ඡන්ද ගණන් කිරීම ලබන මැයි 2 වැනිදා සිදුවන බවත් එදිනම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත්, ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සුනිල් අරෝරා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

මෙම මැතිවරණ සියල්ල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

භාරතීය ජනතා පක්ෂය තනිව ඉදිරිපත් වන්න්නේ ඇසෑම් ප්‍රාන්තයේ පමණි. සෙසු සෑම ප්‍රාන්තයකම ප්‍රබල දේශපාලන පක්ෂ සමඟ භාරතීය ජනතා පක්ෂය සන්ධානගත වී සිටී.



අදහස් (0)

ඉන්දීය ප්‍රාන්ත 5 ක මැතිවරණ ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site