
බංග්ලාදේශයේ පිහිටි තානාපති කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවලින් අත්‍යවශ්‍ය නොවන සියලුම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
රැකියා කෝටාව මුල්කොට ගනිමින් ඇරැඹි දැවැන්ත ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන්, අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, පලා ගියේ ඉන්දියාවටය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ෂෙයික් හසීනා අතර ඇත්තේ සමීප මිත්‍රත්වයකි. හසීනා, එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ පතයි. එතෙක් ඇය රැඳී සිටින්නේ ඉන්දියාවේය.
අත්‍යවශ්‍ය නොවන සියලුම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීම සිදුවුවත්, ඩකා අගනුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු දිගටම සිදුවන බව ද ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd