
බංග්ලාදේශයේ පිහිටි තානාපති කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවලින් අත්‍යවශ්‍ය නොවන සියලුම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
රැකියා කෝටාව මුල්කොට ගනිමින් ඇරැඹි දැවැන්ත ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන්, අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, පලා ගියේ ඉන්දියාවටය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ෂෙයික් හසීනා අතර ඇත්තේ සමීප මිත්‍රත්වයකි. හසීනා, එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ පතයි. එතෙක් ඇය රැඳී සිටින්නේ ඉන්දියාවේය.
අත්‍යවශ්‍ය නොවන සියලුම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීම සිදුවුවත්, ඩකා අගනුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු දිගටම සිදුවන බව ද ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය නිලධාරීන් ආපසු කැඳවයි