
ඉන්දීය ජනාධිපතිවරණය ලබන ජූලි 18 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම මේ වනවිට ආරම්භ වී ඇත.
ඉන්දියානේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස්’ පක්ෂය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් මහත්මා ගාන්ධිතුමන්ගේ මුණුපුරු 77 හැවිරිදි ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධිගේ නම යෝජනා කර ඇති නමුත්, ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.
ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි පවසා ඇත්තේ තමන්ට වඩා සුදුස්සකු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවය.
ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි කෘතහස්ථ දේශපාලනඥයෙකි. ඔහු දකුණු අප්‍රිකාවේත් ශ්‍රී ලංකාවේත් ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය ද හෙබවීය.
ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධිට අමතරව, විපක්ෂ කණ්ඩායම් ජාතික කොංග්‍රස් පක්ෂයේ සභාපති ෂරාද් පවර් සහ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිවරයකු වන ෆාරුක් අබ්දුල්ලාගේ ද නම් ජනාධිපති ධුරය සඳහා යෝජනා කර ඇති නමුත් ඔවුන් දෙදෙනා ද එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ නව ජනාධිපති තෝරා ගැනීමේ ක්‍රියාවලිය පසුගිය ජූනි 15 වැනිදා ආරම්භ වුණු අතර එය ලබන ජූනි 29 තෙක් පැවැත්වෙයි. ජනාධිපති තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුව තුළය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම නූගත්, මැරවරයෙක්, කප්පම් කාරයෙක්, කුඩ්ඩෙක්, පාතාලයෙක්, කොමිස් ගහන්නෙක්, මිනීමරුවෙක්, රාජ්‍ය දේපළ, සල්ලි අවභාවිතා කරන්නෙක්, මිරිස් කුඩ්ඩෙක්, හොරට විභාගය පාස් කරපු නීතීඥයෙක්, ෂෝ කාරයෙක්, සුදුසු නම් නැතිවුණත් බලෙන් හරි ඉල්ලන්න තමයි බලන්නේ...