ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් අද දින සිව් දින සංචාරයක් සඳහා මියන්මාරයට පැමිණියේය.  
                                           
ඒ අනුව මියන්මාර් ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූකී සමඟ ඉහළ පෙළේ දූත පිරිස නේපි තාව් සහ යැංගොන් නගර වෙත යනු ඇත.   
                                             
පසුගිය අවුරුදු තුන තුළ ඉන්දියාවේ සහ මියන්මාරයේ දේශපාලන නායකයින් අතර සම්බන්ධතා වර්ධනය වූ අතර ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා ද වේගයෙන් වර්ධනය විය.  
                                             
පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියන්මාර් සංචාරයක නිරත වී ඇත.  
                     
මේ වසරේ ජනවාරියේ මියන්මාර රාජ්‍ය උපදේශකවරයාද  නව දිල්ලි සංචාරයක නිරත වී දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගෙන ඇත.                                               

 මියන්මාරයේ විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති ඉන්දියාව විසින් අරමුදල් සපයා ඇත. 

 අග්නිදිග ආසියාවේ රටක් වන මියන්මාරය ඉන්දියාවේ  සමුද්‍රීය අසල්වැසි රටකි.                 

ඉන්දීය අගමැතිවරයා සංචාරයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.                                                      
(63226)