ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (21) සිදුවෙයි. ඡන්ද ගණන් කිරීම ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 11 ට ආරම්භ කිරීමට නියමිත අතර, ජයග්‍රාහකයා නම් කිරීම සවස 4 වන විට සිදුවනු ඇත.
ඉන්දීය ජනාධිපති ධුරය, භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරන අපේක්ෂිකා ව වන්නේ ද්‍රෙෘපදී මුර්මු ය. බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ මුර්මු ඉන්දියාවේ මීළග ජනාධිපතිවරයා වනු ඇති බවය. 64 හැවිරිදි මුර්මු, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි.
ඉන්දීය ජානාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 18 වැනිදාය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.
ඉන්දීය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අනෙක් අපේක්ෂකයා 84 හැවිරිදි හෂ්වාන් සිංහා ය. සිංහා නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රසයයි. සිංහා, භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකි. 1990 සිට 1991 වසර තෙක් කාලයේත් 1998 සිට 2002 ජූලි මාසය දක්වාත් සිංහා ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉන්දීය ජනපති තෝරා ගැනීම අද