ඉන්දියාවේ 16 වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසුම හෙට (18) පැවැත්වෙයි.
ඉන්දීය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිගේ ධුර කාලය වසර 5 කට සීමා වෙයි. ඒ අනුව, වත්මන් ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ධුර කාලය අවසන් වනු ඇත.
ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසුම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සාමාජිකයන් අතරේය.
හෙට (18) පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේ 21 වැනිදාය.
එක්සත් ප්‍රගතශීලී සන්ධානය ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇත්තේ යෂ්වාත් සිං ය. මොහු භාරතීය ජනතා පක්ෂ හිටපු නායකයෙකි.
මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය ද ඇතුළත්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ කාන්තාවකි. ඇය දෘපදී මුර්මු ය.
දෘපදී මුර්මු ඉන්දීය දේශපාලනඥයකු පමණක් නොව, ගුරුවරියක ද වෙයි.
දෘපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවකි. ඇය ජර්කාන්ද් පළාතේ ආණ්ඩුකාවරයා ගලස ද කටයුතු කර තිබේ.
(එන්.ඩි.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd