ඉන්දියාවේ ගොවීන් මුහුණ දී සිටින අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 10.5ක මුදලක් වෙන් කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආණ්ඩුවේ අන්තර්වාර මුදල් අමාත්‍ය පියුෂ් ගොයාල් මහතා අද (1) ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයට පෙර අගමැති නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව සිය අවසන් අයවැය ඉදිරිපත් කරමින් ඔහු ඒ බව පැවැසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මැයි මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී දෙවැනි ධුර කාලය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
ඉන්දියාවේ ගොවීන් දහස් ගණනක් අඩු මිල ගණන්, ණය ගෙවීම් සහ කාලගුණය යනාදී බොහෝ අභියෝගවලට මුහුණ දී සිටිති. පසුගිය වසර කිහිපයක කාලයේදී බොහෝ ගොවීහු තම කර්මාන්තය කරගෙන යෑමට නොහැකිව සියදිවි හානි කරගත්හ. කෘෂිකර්මාන්තය මුහුණ දී තිබෙන අභියෝගයට අමතරව ඉන්දියාවේ විරැකියාව ද උත්සන්න වෙමින් තිබෙන අතර මෙම කරුණු අගමැති මෝදිගේ ජනප්‍රියත්වය අඩු වීමට ද හේතු වී තිබේ.
මහ මැතිවරණයට පෙර මෝදි ආණ්ඩුව ඉදිරිපත් කරන අවසන් අන්තර්වාර අයවැය යටතේ ගොවීන්ට ඉහත කී මුදල් වෙන් කර තිබෙන අතර කුඩා සහ පීඩාවට පත්වූ ගොවීන්ට මිලියන 120ක මුදලක් වෙන් කර තිබේ. එයින් එම ගොවීන්ට වාර්ෂික පදනම යටතේ සෘජුව රුපියල් 6,000ක මුදලක් හිමි වේ.
“මේ මුදල් කෙළින්ම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යැවෙනවා. ඒවා සමාන වාරික තුනකින් ඔවුන්ට ලැබෙනවා” යැයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අන්තර්වාර මුදල් අමාත්‍ය පියුෂ් ගොයාල් පැවැසීය.
මෙම වැඩසටහන සඳහා සම්පූර්ණ මුදල් යොදවන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් යැයි ද ගොයාල් කීය.
ඉන්දීය කෘෂිකර්මාන්තය මුහුණ දී සිටින අර්බුදය සහ වැඩි වෙමින් තිබෙන විරැකියා අනුපාතය දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග කිරීමට සූදානමින් සිටින නරේන්ද්‍ර මෝදි හමුවේ තිබෙන ප්‍රධානම අභියෝග වේ.
මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව විශිෂ්ට ජයක් ලබමින් 2014 වසරේදී බලයට පත්වූයේ රැකියා මිලියන ගණනින් නිර්මාණය කරන බවට පොරොන්දු දෙමිනි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය ගොවීන්ගේ ණය අර්බුදයට තාවකාලික පිළියමක්