IMG-LOGO

ඉන්දීය ගුවන් හමුදා පුහුණු සැසියක වූ අනතුරකින් නියමුවෙක් මරුට

ඉන්දියාවේ උතුරු බැංගලූරු ප්‍රදේශයේ ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනය වෙනුවෙන් පැවති පුහුණු සැසියකදී ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී කඩාවැටීමෙන් ගුවන් නියමුවකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම ජෙට් යානා දෙක සූරියකිරන් නම් ගුවන් කරණම් කණ්ඩායමට අයත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

තුවාල ලැබූ තවත් ගුවන් නියමුවන් දෙදෙනෙකු ද රෝහල් ගත කර තිබේ.

හොව්ක් වර්ගයේ ජෙට් යානා දෙකක් එක්ව ඉදිරිපත් කළ සංදර්ශන ඉසව්වක් අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

ගිනිගෙන විනාශ වූ ජෙට් යානා කඩා වැටුණු ප්‍රදේශය වෙත පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

මෙම වසරේදී ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනය පෙබරවාරි 20 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙය 1996 සිට වාර්ෂිකව පවත්වන සංදර්ශනයක් බවද එය නැරඹීමට දහස් ගණනින් සංචාරකයන් පැමිණෙන බවද, ආකර්ෂණීය ගුවන් හමුදා ඉදිරිපත් කිරීම වෙනුවෙන් සූරියකිරන් ගුවන් කරණම් කණ්ඩායම නම් දරා ඇති බවද කියැවේ.

හෙට (20) ඇරඹෙන ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයේ ඉදිරිපත් කිරීම් සදහා ගුවන් යානා සහ ජෙට් යානා 61ක් යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

(එන් ඩී ටීවී ඇසුරිනි)

16844



අදහස් (0)

ඉන්දීය ගුවන් හමුදා පුහුණු සැසියක වූ අනතුරකින් නියමුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1495 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 541 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 610 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site