
ඉන්දියාවේ ප්‍රසිද්ධ පන්ජාබ් ගායක 27 වියැති සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ මන්සා දිස්ත්‍රික්කයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකයා ද වේ. පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් සිධූ මූස්වාලාගේ ආරක්ෂාව ඉවත් කර පැය 24 ක් යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි තැබීමට පැමිණි මැරයින් සිධූ මූස්වාලා පැමිණි වාහනයට උණ්ඩ 30 කට අධික ප්‍රමාණයක් වෙඩි තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
තුවාල ලැබූ සිධූ මූස්වාලා මන්සා සිවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
සිධූ මූස්වාලාගේ සිරුරේ උණ්ඩ අටකින් සිදු වූ තුවාල තිබූ බව ඉන්දීය රෝහල් ආරංචි මාර්ග නිවේදනය කළේය. වෙඩි තැබීම සම්බන්ධව පුද්ගලයන් 6 දෙනෙක් රඳවා තබාගනිමින් ප්‍රශ්න කරන බව ඉන්දීය පොලිසිය පැවසීය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd