
ඉන්දියාවේ උප ජනාධිපති තේරීමේ ඡන්ද විමසුම එරට පාර්ලිමේන්තුවේ අද (6) පැවැත්වෙයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද අයත් වන 'ඉන්දීය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය' නියෝජනය කරමින්, උප ජනපති සටනට එක් වී සිටින්නේ ජග්දීප් දන්කර් වන අතර, විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින්නේ මාග්‍රට් අල්වාය.
ජග්දීප් දන්කර් උප ජනපති ධුර සටනින් ජය ගනු ඇතැයි පැවැසෙයි. ජග්දීප් දන්කර් බෙංගාලයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වෙයි.
ඉන්දීය ජනාධිපති තේරිම සහ උප ජනාධිපති තේරිම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු ඡන්දයෙනි.
ඡන්ද විමසුම අද (6) උදේ 10 සිට සවස 5 තෙක් පැවැත්වෙනු ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd