
ජපානය අභිබවමින්, ඉන්දියාව ලොව සිවුවැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වී ඇත. ඒ, මෙම 2025 වසරේ, ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 4.187ක ආදායමක් උපයමිනි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘විකසිත භාරතයක්, විකසිත රාජ්‍යයක්’ දැක්ම මේ වනවිට ක්‍රියාත්මක වී ඇති බැවින්, ඉන්දියාව දිනෙන් දින ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරන බව ආර්ථික විශේෂඥයෝ පැහැදිලි කරති. ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වීම ඉන්දියාව ලැබූ ජයග්‍රහණයක් යැයි ද පැවැසෙයි.
දළ දේශීය නිෂ්පාදනය අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි ලැයිස්තුවේ මුල්තැන හිමිවී ඇත්තේ ඇමෙරිකාවටය. ඒ, ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 30.51ක් ලෙසය.
එම ලැයිස්තුවේ, දෙවැනි ස්ථානය ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 19.23 ක ආර්ථිකයක් හිමි චීනයට හිමි වී ඇති අතර, තෙවැනි ස්ථානයේ පසුවන්නේ ජර්මනියයි. ජර්මනියේ ආර්ථිකය දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.74ක් ලෙසිනි. සිවුවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පසුබෑමට ලක් වුණු ජපානයේ ආර්ථිකය ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 4.186 ක් යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය ආර්ථිකය ලොව සිවුවැනි තැනට