ප්‍රංශයේ සංචාරයක නිරත වී සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ‘ඉන්දියාව සහ ප්‍රංශය අතර ශක්තිමත් ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතා’ ඇති කරගැනීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
ඉන්දීය ගුවන් හමුදාව ප්‍රංශයෙන් ‘රෆායලේ’ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගන්නා අතර එහි පළමු ගුවන් යානය ඉන්දියාවට බාර දීම වෙනුවෙන් පැවැති උත්සවයෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා හමුවෙමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව පැවැසීය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති එමානුවෙන් මැක්රෝන් අතර හමුව ප්‍රංශයේ ‘එලීසේ’ මාලිගයේදී පැවැත්විණි. ප්‍රංශය ඉන්දියාවේ ‘වැදගත් උපායමාර්ගික සහකරුවකු’ යැයි ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එහිදි කීවේය.
“ප්‍රංශයත් සමඟ අපට බහුවිධ සබඳතා තිබෙනවා. එම සබඳතා දිගින් දිගටම ඉදිරියට යනවා. අප අතරේ සංවාද තිබෙනවා. දෙරට අතර පුළුල් ආරක්ෂක සංවාදයක් තිබෙනවා. අද පැවැති සාකච්ඡා එහි කොටසක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අජේ කුමාර් කීය.
ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමඟ අමාත්‍ය මණ්ඩල දූත පිරිසක් ද ප්‍රංශයට ගොස් සිටින අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාද එහි සාමාජිකයෙකි.
මෙම සංචාරයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රංශයේ ත්‍රිවිධ හමුදා පිළිබඳ අමාත්‍ය ෆ්ලෝරන්ස් පාර්ලි ද මුණ ගැසුණි.
‘ද හින්දු’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd