IMG-LOGO

ඉන්දීය අගමැති විවේචනය කළ මාධ්‍යවේදියකු රිමාන්ඩ්

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී)

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනය කළ මාධ්‍යවේදියකු වසරක කාලයකට අත්අඩංගුවට පත්ව ඇත. 

අග්‍රාමාත්‍ය මෝදිගේ පාලනය යටතේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩ පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට මෙය එක් උදාහරණයක් යැයි ද ජනමාධ්‍යවේදීහු සහ සමාජ ක්‍රියාකාරීහු පෙන්වාදෙති. 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ක්‍රිෂෝරේචන්ද්‍රා වන්ග්කෙම්ය. ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේදීය. මනිපූර් ප්‍රාන්තය යනු ඉන්දියාවේ උතුරු නැගෙනහිර පෙදෙසේ පිහිටි ප්‍රාන්තයකි. එම ප්‍රාන්තය තරමක් පිටිසර ප්‍රාන්තයක් යනුවෙන් ද හඳුන්වයි. 

ප්‍රාන්ත නීතිය අනුව කිසිදු නඩු විභාගයකින් තොරව ඕනෑම අයකු පොලිස් භාරයේ රඳවාගැනීමට අවසර ඇත. 

තිස්නව හැවිරිදි වන්ග්කෙම් රූපවාහිනි මාධ්‍යවේදියකු වන අතර ඔහු නොවැම්බර් මාසයේදී ඉන්දීය අගමැතිවරයාට සහ ප්‍රාන්ත මහ ඇමැති බිරේන් සිංට චෝදනා කරමින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වීඩියෝ පටයක් පළ කර ඇත. අගමැතිවරයා සහ මහ ඇමැතිවරයා කලාපය තුළ දක්ෂිණාංශික හින්දු මතවාදය ප්‍රවර්ධනය කරන බවට චෝදනා කරමින් ඔහු එම වීඩියෝ පටය පළ කර තිබිණි. 

මාධ්‍යවේදී වන්ග්කෙම් ප්‍රාන්ත මහ ඇමැතිවරයා, අග්‍රාමාත්‍ය මෝදි සහ  රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් (ආර්.එස්.එස්) පක්ෂයේ “රූකඩයකට” සමාන කළ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. 

නරේන්ද්‍ර මෝදි බලයට පත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් රැසක් විවිධ වදහිංසාවලට ලක්ව ඇතැයි ද පැවසේ. 

ඉන්දියාවේ මාධ්‍ය සංවිධාන රැසක් මෙම රඳවාගැනීම විවේචනය කරමින් ඔහු වහා නිදහස් කරන්නැයි ඉල්ලා ඇත. වන්ග්කෙම් කිසිදු වගවිභාගයකින් තොරව රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් අධිකරණයට යන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව ෆේස්බුක් ඔස්සේ අදහස් දැක්වූ කිහිපදෙනකුම පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. 

තමන් විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවටත් ඔවුන්ට එරෙහිව සිදුවන වද හිංසා සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වී ඇති බවටත් මෝදි ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. 

සීම විරහිත වාර්තාකරුවන්ගේ සංවිධානය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ’ ඉන්දියාවට හිමිව ඇත්තේ 138 වැනි ස්ථානයයි. එපමණක් නොව ඉන්දියාව සිටින්නේ ඇෆ්ගනිස්තානයට සහ සිම්බාබ්වේ යන රටවලට පහළිනි. 

055

 

 



අදහස් (0)

ඉන්දීය අගමැති විවේචනය කළ මාධ්‍යවේදියකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site