IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය අගමැති මාධ්‍යයට අනතුරු අඟවයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට මාධ්‍ය ආයතන වලට අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මාධ්‍ය නිදහසට සීමාවක් ඇති බවත් ස්වයං පාලනයෙන් තොර අශිලාචාර ලෙස පුවත් වාර්තා කිරීම මගින් විශාල විනාශයක් ඇති විය හැකි බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මාධ්‍ය ආයතන වලට බාහිර ඇගිලි ගැසීම් වලින් වෙන විනාශය මෙතෙක් යැයි කියන්න අපහසුයි.ඒ බව මහත්මා ගාන්ධි පවා කියල තියෙනවා“යැයි ඔහු කීවේය.

රජය මාධ්‍ය ක්‍රියාකාරකම් වලට මැදිහත් නොවිය යුතු බවත් ඒ සඳහා ස්වයං නියාමන පද්ධතියක් තිබිය යුතු බවත් ඔහු කීය.ස්වයං නියාමනය පහසු නොවුනත් එය සිදු විය යුතු බව ඔහු පැවසීය.

ඉන්දියාවට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයක් වාර්තා කළ ඉන්දීය එන්ඩීටීවී ආයතනයට පැය 24ක තහනමක් පැනවූ අතර එම ආයතනය රටේ ජාතික ආරක්ෂාවට හානි වන අයුරින් පුවත් වාර්තා කරන බවට බලධාරීහු පැවසුහ.

ඉන්දියාවේ බිහාර්හීදී මාධ්‍යවේදින් දෙදෙනකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසූයේ සත්‍ය වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට අත්වන ඉරණම මරණය වීම කනගාටුවට කරුණක් බවයි



අදහස් (0)

ඉන්දීය අගමැති මාධ්‍යයට අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site