ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට මාධ්‍ය ආයතන වලට අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.
මාධ්‍ය නිදහසට සීමාවක් ඇති බවත් ස්වයං පාලනයෙන් තොර අශිලාචාර ලෙස පුවත් වාර්තා කිරීම මගින් විශාල විනාශයක් ඇති විය හැකි බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මාධ්‍ය ආයතන වලට බාහිර ඇගිලි ගැසීම් වලින් වෙන විනාශය මෙතෙක් යැයි කියන්න අපහසුයි.ඒ බව මහත්මා ගාන්ධි පවා කියල තියෙනවා“යැයි ඔහු කීවේය.
රජය මාධ්‍ය ක්‍රියාකාරකම් වලට මැදිහත් නොවිය යුතු බවත් ඒ සඳහා ස්වයං නියාමන පද්ධතියක් තිබිය යුතු බවත් ඔහු කීය.ස්වයං නියාමනය පහසු නොවුනත් එය සිදු විය යුතු බව ඔහු පැවසීය.
ඉන්දියාවට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයක් වාර්තා කළ ඉන්දීය එන්ඩීටීවී ආයතනයට පැය 24ක තහනමක් පැනවූ අතර එම ආයතනය රටේ ජාතික ආරක්ෂාවට හානි වන අයුරින් පුවත් වාර්තා කරන බවට බලධාරීහු පැවසුහ.
ඉන්දියාවේ බිහාර්හීදී මාධ්‍යවේදින් දෙදෙනකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසූයේ සත්‍ය වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට අත්වන ඉරණම මරණය වීම කනගාටුවට කරුණක් බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd