ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි ලබන 26 වැනිදා දිවුරුම් දීමට නියමිතය. එම  උත්සවයට  මහින්ද රාජපක්ෂ ජනපති ද සහභාගී වන බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය කියයි.

පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ද ඇරියුම් ලබා සිටී.

ඉන්දීය ජනපති මන්දිරය වන  රාෂ්ට‍්‍රපතිභවන්හි එළිමහනේ දී පැවැත්වෙන මේ උත්සවයට  3,000 දෙනකුට ඇරියුම් කැර ඇත.

නරේන්ද්‍ර මෝඩි  ගුජරාට මහා ඇමැති ධුරයෙන් අද (21)  සමු ගත්තේය.

අනන්දිබෙන් පාටෙල් (72) ගුජරාට ප‍්‍රාන්ත ආදායම් ඇමැතිනිය ගුජරාට මහ ඇමැති ධුරයට පත් වෙතියි කියති.