ඉන්දියාව ලෝකය සමඟත්, ලෝකය ඉන්දියාව සමඟත් ශක්තිමත් ලෙස බැදී පවතින බවත්, එම බැදීම වෙනස් කළ නොහැකි බවත්, ඉන්දියාව වර්ධනය වනවිට ලෝකය වර්ධනය වෙන බවත් 76 වැනි ජගත් මහා මණ්ඩල සැසිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය.
ඉන්දියාව යනු ලොව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවත්, කුඩා කළ දුම්රිය වේදිකාවේ තේ විකුණූ තමන්ට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට හැකිවූයේ එම ප්‍රජාතන්ත්‍රවාදය නිසා බවත් මෝදි නිව්යෝක් නුවර මහා මණ්ඩල සැසිය අමතමින් පැවැසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස මෝදි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතුවේ සිවුවැනි වරටය.
'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝදි කියා සිටියේ ඉන්දියාව මේ වනවිටත් ලොව පළමු ඩී.එන්.ඒ. එන්නත නිපදවා අවසන් බවත්, අවුරුදු 12 ට වැඩි ඕනෑම අයකුට එම එන්නත ලබා දීමේ හැකියාව ඇති බවත්ය.
'කොවිඩ් 19' වසංගතය හමුවේ ලෝකය එකමුතුව සිටි යුතු බවත්, එම එකමුතුකම 'ශක්තියක්' කර ගනිමින්, 'කොවිඩ් 19' පරාජය කිරීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළේය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දීය අගමැති ජගත් මහා මණ්ඩලය අමතයි