
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා මෙම වසර අවසානයේ ඉන්දුනීසියාවේ සංචාරය කිරීමට සූදානම් වෙයි. ඒ, ඉන්දුනීසියානු රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිණි.
ඉන්දුනීසියාව යනු ආසියානු කලාපයට අයත්, වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රාජ්‍යයකි. අන්තර් ආගමික සහයෝගය ශක්තිමත් කිරීමට සහ ආගමික ප්‍රජා අතරේ වැඩි අවබෝධයක් ඇති කිරීමේ අරමුණින් ධුරයෙන් සමුගැනීමට නියමිත ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ කළ ඇරැයුමකට අනුව, පාප්තුමා මෙසේ ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත.
ඉන්දුනීසියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 242 කි. කතෝලික ජනගහනය මිලියන 8.5 කි. ඉන්දුනීසියාවේ වෙසෙන කිතුනුවන් ගණන මිලියන 29 ක් බව පැවැසෙයි.
වතිකානයට අනුව, පාප්තුමන් මෙම වසරේ අගෝස්තු මස අවසානයේ, පැපුවා නිව්ගිනියාවේ සංචාරය කරයි. පාප්තුමන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බලා යනු ඇත්තේ සැප්තැම්බරයේය. 2013 වසරේ දී පාප් ධුරයට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප්තුමා, ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 44 ක සංචාරය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දුනීසියාවට යන්න පාප්තුමා සූදානමින්