ඉන්දුනීසියාවේ පැපුවාහි විරෝධතාවයේ යෙදුණු පිරිසක් මැඩපැවැත්වීම සඳහා එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් 6 දෙනකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.

විරෝධතාකරුවන් ඩයියාරි ප්‍රදේශයේ රජයේ කාර්යාලකට ඇතුළුවීමට තැත්කිරීමේදි වෙඩි ප්‍රහාර එල්ල කළ බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

කෙසේවුවද ඉන්දුනීසියාවේ ජාතික පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම පුවත ප්‍රතික්ෂේප කර ඇති අතර පැපුවා පොලිසිය ලබාදෙන පුවත් පමණක් විශ්වාස කරන ලෙස සඳහන් කර ඇත.

 

හමුදා භට පිරිස් වෙත විරෝධතාකරුවන් ඊතල ප්‍රහාර එල්ල කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

පැපුවා ප්‍රදේශයේ සන්නිවේදන කටයුතු අඩාලවීම හේතුවෙන් තොරතුරු ලබාදීමට ප්‍රමාද වන බවද ඔහු සඳහන් කර ඇත.

දැනට සතියක පමණ කාලයක සිට පැවැත්වෙන විරෝධතා සඳහා පැපුවා ජාතිකයින් දහස් ගණන් එක්වී සිටිති.

වාර්ගික ගැටලු කිහිපයක් මූලික කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)