ඉන්දුනීසියාවේ මොලාකා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම දූපතට කිලෝ මීටර් 120ක් වයඹ දෙසින් වන්නට කිලෝමීටර් 33 ක් ගැඹුරු මුහුදේ කම්පනය හටගෙන ඇතැයි කියති.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නැති අතර සුනාමි අනතුරු හැඟවීමක්ද කර නැතැයි ඉන්දුනීසියා ආරංචි කියයි.