ඉන්දුනීසියාවේ දේවස්ථාන තුනකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 13 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
එක් දේවස්ථානයක මවක් සහ ඇගේ දියණියන් දෙදෙනා විසින් බෝම්බ පුපුරුවා ගනු ලැබ ඇති අතර තවත් ස්ථානයක පියා සහ පුතුන් දෙදෙනා විසින් බෝම්බ පුපුරුවා ගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. මොවුන් එකම පවුලකට අයත් අය බවට පොලිසිය සැක කරයි.
 
මෙය 2005 වර්ෂයෙන් පසු ඉන්දුනීසියාවේ ඇතිවූ මාරාන්තිකම ප්‍රහාරය වන අතර ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරන්නට ඇතැයි පැවසේ. 
එක් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී මිනිත්තු කිහිපයක් ඇතුලත අනෙක් ප්‍රහාර දෙකද එල්ල වී ඇත.
 
(බීබිසී ඇසුරිනි - 085)