ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් 59 දෙනෙකු මියගොස් කිහිපදෙනෙකු අතුරුදන් වී  ඇති බව සුලෙයිසියේ  දිවයිනේ රජය  පැවසීය. 
 
අධික වර්ෂාව හේතුවෙන් උතුරු සුලෙයිසියේ ප්‍රදේශයේ දිස්ත්‍රික්ක 11ක ජනතාව පීඩාවට පත්ව සිටිති.
 
ගංවතුර සහ නායයාම් හේතුවෙන්  මාකස්සාර් අගනුවර කොටසකට ද  බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
 
3,400 කට නිවාස අහිමි වී ඇති අතර ඔවුන්ට පාසල්, පල්ලිවල ඉදිකරන ලද කූඩාරම්වල තාවකාලික රැකවරණය ලබා දී ඇත.
 
ගංවතුර හේතුවෙන් නිවාස, ගොඩනැගිලි, පාසල් හා පාලම් වලට හානි සිදුවී ඇති බව බලධාරීහු පවසති. 
 
63226