
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ 'සෙමෙරු' නමැති ගිනි කන්ද පුපුරායෑමට පටන්ගෙන තිබේ. ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ හිටිහැටියේය. පිපිරීම් සමඟ උණු ලාවා පාෂාණ කැබලි අවට ගම්මානවලට විසි වී ආ බව පැවැසෙයි.
එම ලාවා පාෂාණ හේතුවෙන් ගිනි කන්ද අවට පදිංචි වැසියෝ බොහෝ දෙනකු පිළිස්සී තුවාල ලැබූහ. එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූ ගම්වැසියන් ගණන 42 කි.
ගිනි කන්ද පිපිරීමත් සමඟ ගම්බිම් අතහැර පලා ගිය ගණන 5,000 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මේ වනවිට කඳවුරු සහ ප්‍රජාශාලාවල රැඳී සිටින බව ඉන්දුනීසියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගිනි කඳු පිපිරීමෙන් නිකුත් වුණු විස අළු දුමාරයෙන් ගිනි කන්ද පාමුල ඇති ගම්මාන වැසී ගොස් ඇතැයි ද ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා කර තිබේ. සෙමෙරු ගිනි කන්ද පිහිටා ඇත්තේ ලුමංග් දිස්ත්‍රික්කයේය. මෙය අඩි 12,600 ක් උස ගිනි කන්දකි. දුම් සහ අළු තට්ටු ගිනි කන්දේ සිට කිලෝ මීටර් 5 ක් වටේට ගමන් කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd