
ඉන්දුනීසියා රජයට එරෙහිව පවතින විරෝධතාවන් මේ වන විට වඩාත් ප්‍රචණ්ඩය මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බල කරමින් ජකර්තා අගනුවරදී විරෝධතා ආරම්භ වූයේ ඉකුත් සතියේය.
කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කැරලි මර්දන පොලීසිය කටයුතු කරයි. විරෝධකාරුවන් පොලිසිය සමඟ ගැටෙමින් නිවාස සහ ගොඩනැගිලිවලට ගිනි තබමින්, හානි කරන බව ද වාර්තා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මේ වන විට පවතින අඛණ්ඩ විරෝධතා අතරතුර ඉන්දුනීසියානු විරෝධතාකරුවන් පළාත් තුනක ප්‍රාදේශීය පාර්ලිමේන්තු ගොඩනැගිලි ද ගිනි තබා විනාශ කර ඇති බවය. බටහිර නුසා ටෙන්ගාරා හී පාර්ලිමේන්තු ගොඩනැගිලි, මධ්‍යම ජාවා හී පෙකලෝන්ගන් නගරය සහ බටහිර ජාවා හී සයිරබන් නගරයයේ පිහිටි ගොඩනැගිලි රැසක්ද විරෝධතාකරුවන් ගිනි තබා ඇතැයි ද පැවැසෙයි.
ගැටුම් හේතුවෙන් මියගිය ගණන තුන දක්වා ඉහළ ගොස් ඇති බවත්, අවම වශයෙන් තවත් පස් දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. මියගියේත් තුවාල ලැබුවේත් පාර්ලිමේන්තු ගොඩනැගිලි තුළ සිර වී සිටි අය යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd