ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට ආසන්න මුහුදේදී මගී යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් අතුරුදන් වී සිටින පිරිස් සොයා දිගට ම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 122ක් පමණ සිටින්නට ඇති බවත් 45ක් පමණ බේරාගත් බවත් එරට බලධාරීන් ප්‍රකාශ කරයි. ගලවාගැනීම් කන්ඩායම් පවසන්නේ  මළ සිරුරු තුනක් ද සොයා ගත් බවයි.

කුණාටුවකට හසුවී යාත්‍රාව පෙරැළෙන්නට ඇතැයි ඉන්දුනීසියා ආපදා කළමනාකරණ එකකය පවසයි.  ගලවා ගැනීමේ යාත්‍රා හයක් සහ හෙලිකොප්ටර් යානයක් යොදවා මෙහෙයුම් ආරම්භ කැර ඇත.

ඉන්දුනීසියාවේ දූපත් අතර මගී ප්‍ර‍වාහනයට මෙවැනි යාත්‍රා බහුලව යොදා ගනී.