IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දුනීසියානු කතානායකවරයාට වංචා දූෂණ චෝදනා

මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක මුදලක් අයථා ලෙස ලබාගනිමින් කරන ලද වංචාවක සැකකරුවකු ලෙස කතානායකවරයා නම් කරනු ලැබ තිබේ.

ඉන්දුනීසියාවේ දූෂණය තුරන් කිරීමේ කොමිෂන් සභාව මෙලෙස කතානායක සෙට්යා නොවැන්ටෝ මහතා සැකකරුවකු ලෙස නම් කර තිබෙන අතර ඔහුට අමතරව අධිකරණ අමාත්‍යවරයා, හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ආණ්ඩුකාරවරුන් කිහිපදෙනකු සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිපදෙනකුට ද චෝදනා එල්ල කර තිබේ.

සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කතානායකවරයා තම බලය සහ තනතුර අවභාවිත කර ඇතැයි කොමිසමේ සභාපති අගස් රහර්ද්ජෝ මහතා පැවැසීය.

ඉන්දුනීසියාවේ මිලියන 255ක් වන ජනතාවට හැඳුනුම්පත් ලබාදීමේ ව්‍යාපෘතියකින් අයථා ලෙස මුදල් වංචා කර ඇතැයි ද ඊට කතානායකවරයා ඇතුළු දේශපාලනඥයන් සම්බන්ධ වී ඇතැයි ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බලධාරීහූ ප්‍රකාශ කරති.

“මෙම චෝදනා සියල්ල අසත්‍ය” යැයි කතානායකවරයා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පැවැසීය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 443ක මුදලකින් තුනෙන් එකකට ආසන්න මුදලක් දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් විසින් වංචා කරනු ලැබ තිබෙන අතර 2009 වසරේ සිට 2015 වසර දක්වා එම පිරිස අයථා ලෙස සමාගමක් ද පවත්වාගෙන ගොස් ඇතැයි ඉන්දුනීසියාවේ විශේෂ දූෂණ විරෝධී අධිකරණය ප්‍රකාශ කර තිබේ.

ඉන්දුනීසියාවේ කතානායකවරයා එරට පාලක පක්ෂය වන ගෝල්කාර් පක්ෂයේ සභාපතිවරයා වන අතර මෙම සිදුවීමේ සිව්වැනි සැකකරු ලෙස නම් කරනු ලැබ තිබේ. මෙම සිදුවීමත් සමඟ ජනාධිපති ජොකෝ විදෝදෝ මහතා දූෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

නොවැන්ටෝ මහතාට මීට පෙර ද දූෂණ චෝදනා එල්ල වූ එම චෝදනා හේතුවෙන් 2015 වසරේදී කතානායකධුරයෙන් ඉවත්වීමට ද සිදුවිය. එම දූෂණ චෝදනාවලින් නිදහස් වූ ඔහු 2016 වසරේ දී නැවතත් කතානායකධුරයට පත්විය.

රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල්’ සංවිධානය වාර්ෂිකව නිකුත් කරන වාර්තාවට අනුව ඉන්දුනීසියාවට රටවල් 176ක් ඇසුරින් 90 වැනි ස්ථානය හිමි ව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට පත්වන රට අඩුම දූෂිත රට ලෙස සැලකේ.

ඒ.එෆ්.පී 055



අදහස් (0)

ඉන්දුනීසියානු කතානායකවරයාට වංචා දූෂණ චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site