ඉන්දුනීසියාවේ මේදාන් නගරයට ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනකු මරණයට පත්වන්නට ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. කඩා වැටී ඇත්තේ යුද හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.
එහි 12 දෙනකු ගමන් කරමින් සිටි බවත් ඉන් පස් දෙනකුගේ මළ සිරුරු සොයාගත් බව ඉන්දුනීසියාවේ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ෆුආඩ් බස්යා පවසයි.
යානය ගුවන්ගත වී සුළු වේලාවකින් කඩා වැටී ඇත. කඩා වැටුණු යානය ගිනි ගනිමින් තිබෙන බවත් අවට නිවෙස්වල පදිංචි කරුවන් ඒ වටා සිටින බවත් එරට රූපවාහිනී සේවයක් විකාශය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd