මගීන් හා කාර්ය මණ්ඩලය 54 දෙනෙකු රැගෙන ඉන්දුනීසියාවේ සෙන්ටානි සිට ඔක්සිබිල් බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් අතුරුදන්ව ඇතැයි එරට ගුවන් සේවා බළධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් පළව තිබෙන වාර්තා වලට අනුව යානය ගුවන් ගතවී මිනිත්තු 34 කින් පමණ ප්‍රධාන පාලක මැදිරිය හා සබඳතාව ඇණ හිට ඇත.
ඉන්දුනීසියා ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ ප්‍රකාශකයෙක් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ යානයට කුමක් සිදුවී ඇත්දැයි තවමත් නොදන්නා බවයි.යානයෙන් අවසන් වරට පණිවුඩ ලැබුණු කලාපයේ සිටින බළධරයින් සමඟ යානය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කීවෙය.
‘‘කාලගුණයත් එච්චර හොද තත්ත්වයක නෙවෙයි තියෙන්නේ.අහස වළාකුලින් බර වෙලා.අනෙක යානය අතුරුදන් වෙලා තියෙන්නේ කඳුරක පැත්තක‘‘. ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd